Seenu Handin Lowa Lyrics| සීනු හඬින් ලොව | Latha Walpola

Christmas song lyrics
Seenu Handin Lowa Lyrics| සීනු හඬින් ලොව | Latha Walpola

සීනු හඬින් ලොව පිබිදෙනවා
නත්තල දොර ළඟ හිනැහෙනවා
ගවහලකට තරුවක් යනවා
අහසට පොළව ගැටේ…//

තරු එළියේ කඳු වැටියේ
බෙත්ලෙහෙමේ මංගල එළියේ
මල් වැසි වසිනු පෙනේ

තටු ගෙන සුදු හිම ඉගිලෙනවා
අතුමත මුතුමෙන් බබළනවා
හිරු කැන් සුදු ඊතල වෙනවා
සැම තැන රිදී වගේ…//

දිය සීරා කඳු පීරා
වන්නම් ගමනින් බැස එනවා
දිය බිඳු ඇඟ සොළවා

දින දින වැහිකළු බරවෙනවා
මහවැලි ගඟ දිය බොර වෙනවා
නත්තල කත් බැඳගෙන එනවා
වැහිබර උඳුවපයේ…//

අරලිය මල් වතුසුදු මල්
පිබිදී මල් අතු බර වෙනවා
මේ නත්තල් මාසේ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *